Saturday, March 22, 2014

අදහස...

කාලෙක ඉඳලා හිතේ තිබුන අදහසක් තමයි blog එකක් හදන්න ඕනේ කියන එක. මීට අවුරුදු 4 කට විතර කලින් ඒ අදහස මගේ ඔලුවට දැම්මේ සාරංග පතිරණ. 

දවසක් සාරංග මගේ ලඟට ඇවිත් ඇහුව "දැක්කද මගේ blog එක කියල". එතකොට අපි එකට වැඩ කලේ වෙනත් ආයතනයක. blogs ගැන අහල තිබුන උනාට එකෙන් හරියටම කරන්නේ මොකද්ද කියන කාරණේ ගැන මට ඒ හැටි දැනුමක් තිබ්බේ නෑ. ඉතින් blog එක ගැන විස්තර අහල මම කිව්වා, "මගේ අම්මේ, සරා දියුණු වෙච්ච තරම කියලා..."  

කොහොම හරි සරාගෙ blog එක දැකල මටත් හිතුනා blog එකක් හදන්න. එදා සරා මට හදන්න ඕනේ හැටි පියවරෙන් පියවර කියල දුන්නට මේ වතාවේ නම් මටයි එයාටයි දෙන්නටම වැඩේ කරන්නේ කොහොමද කියලා අමතක වෙලා තිබ්බේ. ඒ නිසා උපදෙස් ගන්න සරා මාව යොමු කළා අපේ ඔෆිස් එකේ තාක්ෂණික ප්‍රශ්න වලට ක්ෂණික විසදුම් හොයල දෙන නිරෝෂ් මයිත්‍රී ලඟට.

එක කෝල් එකෙන් මෛත්‍රී කට පාඩමින් වගේ blog එක හදා ගන්න හැටි කියල දුන්නා.

ඉතින් දැන් සාරංග පතිරණටයි නිරෝෂ් මයිත්‍රීටයි ගොඩක් thank you කියල මම අද ඉඳල blog එකක් maintain කරන්නයි යන්නේ.


No comments:

Post a Comment