Saturday, March 22, 2014

මමයි ඔබාමයි...

දේශපාලනය කියන්නේ මට තිත්තම subject එක. 

එත් කරන රස්සාවේ හැටියට ලෝක දේශපාලනය ගැන නිතරම අවදියෙන් ඉන්න මට, බරක් ඔබාමා කියන චරිතය මීටර් වෙන්නේ 2008 අවුරුද්දේ. එතකොට ඉලිනොයි ප්‍රාන්තයේ සෙනෙට් සභිකයෙක් වෙලා හිටපු ඔබාමා, ඇමරිකානු ජනාධිපතිවරණයට තරග කරන හැටි දැක්කම මටත් හිත ගියා ඔබාමට.

මනා පෞර්ශය, සිත් ඇද ගන්නා කතා විලාශය, නිහතමානි බව සහ තවත් කාරනා ගොඩක් හින්දා මට ඔබාමා ගැන විමසිල්ලෙන් නොඉඳ බැරි උනා. 

වෙලාවකට මටම හිතෙනවා මිෂෙල් ඔබාමා වත් ඔබාමා ගැන මම තරම් හොයන්නේ නැතුව ඇති කියල. :D 

ඇමරිකාව ලංකාවට කරන කෙනහිලිකම් පැත්තක තියල, ඇමරිකාවේ ඉඳල ඔබාමා දෙවන ධුර කාලයට තරග කරනකොට, මමත් ලංකාවේ ඉඳල ඔබාමාව අගය කරලා ඔබාමා ගැන පුංචි news එකක් කරලා සහයෝගය නොදුන්නා කිව්වොත් එක බොරුවක්.

ඉතින් එහෙම සහයෝගය දීල, ඔබාමා නූලෙන් දින්නම වැඩියෙන්ම සතුටු උනෙත් මම.

දුක කියන්නේ, මම මේ තරම් ඔබාමාව දන්නවා උනාට ඔබාමා ඉතින් මාව දන්නේ නැහැ නේ..

කොහොම උනත්, අපි හැමෝටම රාජකාරී ජීවිතෙයි, පෞද්ගලික ජීවිතෙයි එක එක හීන තියනවානේ.

ඔය දෙකටම පොදුවූ මගේ එක හීනයක් තමයි කවදා හරි දවසක බරක් ඔබාමා ඇත්තටම මුණගැහෙන එක....

අන්න එදාට සමහර විට ඔබාමත් කියයි, එයාත්  මාව දන්නවා කියලා !!


No comments:

Post a Comment